අප සුරකින
අප සුරකින දෙවි පියේ
මගේ පැතුම ඔබ වෙතේ
ඔබේ වදන අදහා මම ඔබට වඳිනෙමී
ඔබගෙ පනත් සුරකිමී
මා දැඩි කළ මව්පියන්ට මම ගරු කරමී
එතුමන් වෙත මගේ යුතුකම් මම ඉටු කරමී
ඔබ අප හට දුන් තිළිණය වේ මනු ජීවේ
එය පිරිපුන් කර රකිනට මම වැර යොදමී
සියලු සත්‍ය බිහිවන්නේ ඔබගෙනි සමිඳේ
එබැවින් මම සත්‍යම පවසන්ට කැප වෙමී
පිරිපුන් කරනට මනුපෙම සිරුර සහයවේ
එබැවින් මම පිරිසිදු බව නිතර සුරකිමී