← Hymns විවිධ ගීතිකා

පිත් පුත් ස්පිරිතු

පිත් පුත් ස්පිරිතු මේ තිදෙනා
සුරලොව ති්‍රත්වය නම් දරනා
ජේසු මරිය ජුසේ තිදෙනා
ති්‍රත්වය වේ දෙරනා

පුන ගැයුම:

වේවා වේවා
සුද්ධවු පවුලට තුති වේවා //

බිඳිනට අප පව් ගන අදුරා
සව් සැප පිරි දෙව් විමන ඇරා
නර ලොව ආ දිනකර පවරා
වඳිමුව දෙව් කුමරා

යකුගේ මායම් නෙක විලසේ
අපි හැම සැම කල් දුරලන සේ
මෙදිනම යදිමුව නිතර මෙසේ
ජේසුස් මරිය ජුසේ