← Hymns ජේසුතුමන්ට ගී

මා ප්‍රේම වූ

මා ප්‍රේම වූ දිව්‍ය හෘදයෙනී
දේව දයාවේ ලාංඡනයෙනී
සරව ප්‍රසාද නිධානයෙනී
අනන්ත ජීවිත උල්පතෙනී

පුන ගැයුම:

ආ ජේසුනී මා ජේසුනී ඔඛෙ ශී්‍ර හෘදයෙන්
කරුණා බරව අපගේ පාපයෙන් මුදනු මැනව

මෝක‍ෂ හැර ඔබ අප නිසා
පක‍ෂයෙන් මේ ලෝකයෙහි බැස්සා
යක‍ෂයන්ගේ වික්‍රමයන් නසා
දුක‍ෂ වින්දේ දාසයන් උදෙසා

ලෝ වැසියන් ප්‍රේම කරමින
කෝපයෙනුත් අප රකිමින
මොක් සැපත දෙන්ට සිත් වෙමින
බෝ වේදනා වින්දේ සතුටින