← Hymns ජේසුතුමන්ට ගී

මරිතුමී සමගිනා

මරිතුමී සමගිනා
හඩව් අපි සැම දෙනා
කුරුසයේ බෝ දුක් විදා
දිවි පුදයි දිවි පුදයි ජේසුතුමා

අනේ මොන වරදිනේ
කුරිරු වූ දනන් අනේ
විඳින්නේ වේදනා මෙසේ
කුරුසයේ කුරුසයේ ජේසුතුමා

දෙමින් සොරාට පව් කමා
දෙමින් මවක් දනන් හටා
පියහට හිස නමා
දිවි පුදයි දිවි පුදයි ජේසුතුමා