← Hymns ජේසුතුමන්ට ගී

රැයෙහි අහසෙ

රැයෙහි අහසෙ හඳ දිලෙන්නෙ - හඳ එලියේ අපි රඟන්නෙ
ජේසු ඔබයි එතැන ඉන්නෙ - ජේසු මටයි - සතුට දුන්නෙ

බණ්ඩි ගොයම අර වැනෙන්නෙ - සීත සුළං රැළි නැඟෙන්නෙ
ජේසු ඔබයි එතැන ඉන්නෙ - ජේසු මටයි - රසය දුන්නෙ

වෙල් යායේ එහා පැත්තෙ - ගලන ඔයේ සිසිල ඇත්තෙ
ජේසු ඔබයි එතැන ඉන්නෙ - ජේසු මටයි - සිසිල දුන්නෙ

බට්ටි කුරුල්ලන් රෑනක් - වෙලට උඩින් පියාඹන්නෙ
ජේසු ඔබයි එතැන ඉන්නෙ - ජේසු මටයි - මිහිර දුන්නෙ