← Hymns බොදුන් ගී

මා තුළට වඩින්නට

පුන ගැයුම:

මා තුළට වඩින්නට ඔබ සමිඳේ
ගැති වූ මා නම් සුදුසු නොවේ
එක වදන් බිඳක් පැවසුව සෑහේ
දසු ඔඛෙ සුවපත් වේ

සකේවුසුන් ගේ දොරට පවා
යන්නට ඔබ නම් සතුටු වුණා
ඔහුට කතා කොට සුව කෙරුවා
ගෙදොරට ගැළවීමද පැතුවා

පරිසියගේ නිවහනට වූවත්
වැඩම කළෝ ඔබ නැතිවැ සැකක්
මරියාවන් පවුකාර කමත්
දුරුකොට නිව්වා පිපාසයත්

කානා නුවරෙ මගුල් දිනේ
හිමි ඔබට ද ඇරයුම් ලැබුනේ
ඔබ ගිය නිසා යැ ගෙය පිරුණේ
ඇති වු හිඟකම් මඟහැරුණේ