දෙවි සමිඳේ
පුන ගැයුම:
දෙවි සමිඳේ මා හද සූදානම්
වනුත් නිසා ඔබ මගෙ මහිමේ
හහා ගයව් මම් හහා වයම් මම් //
වෙති ඔබ මගෙ මහිමේ
අවදිකරම් මම් අරුණා ලෝකේ
වෙසෙස් වෙසෙස් විහිනා හඩවා
මිනිස් වරිගෙ මැද්දේ - විදෙසි දනන් අතරෙ
ගයම් වයම් මම් පසස ඔබේ
කුළුණු ගුණේ ඔඛෙ අහසට වැඩියේ
උසස් යැ උතුම් යැ ඒ සමිඳේ
හිතවත් කම් ඔබගේ - වළා මඩුලු දක්වා
පැතිරැ පැතිරැ යනවා සමිඳේ
උදා උදාවී ගගන තලේ පිටැ
දෙවි සුරුණේ ඔබ බැබැළෙත්වා
හැම තැනැ දෙරණ පිටේ - ඔබ හට අත් වේවා
ඔබේ තෙද බලේ දිස් වේවා
සමිඳේ ගැලැවුම ළංකැරැ දෙන්නේ
සුහදවතුන් සඳහා ඔබගේ
ඔසොවා සුරත ඔබේ - උදව් අපට දෙත්වා
පිළිතුරු අප වෙතැ පැමිණේවා