හෙම්බල ආත්මයේ
පුන ගැයුම:
හෙම්බල ආත්මයේ මාගේ
ගයව පසස දෙවියන් වරුණේ
ආත්මයේ මුළුමනින් මගේ - පසසව් එතුමන්ගේ
හේළි හේළි නාමේ
ගුණ යහපත්කම් එතුමාණන් ගේ
අමතක නොකරවම අත් බවේ
සමිදුන් හට තුති පුදා පුදා
පසසව එතුමන් ගයා ගයා
ඔබ.තින් සිදුවුණු වැරදි සියල්ල මැ
කමා කරන්නෝ එතුමාණෝ
ඔබ හැම ලෙඩ දුක් මුලිනුපුටා
සුව සලසන්නෝ එතුමාණෝ
විපතට පත්වනු නොදෙමින් එතුමෝ
ජීවිතෙ ඔබගේ රැකැගන්නෝ
වරප්‍රසාදේ කරුණා වේ
කිරුළින් ඔඛෙ හිස පළඳන්නෝ
යහපත් දෙයින් මැ ඔබගේ ආසා
යහමින් එතුමෝ සපුරන්නෝ
රාජාලියකුගෙ තටු වාගේ
එතුමෝ ඔබ තිරිහන් කරන්නෝ
කරුණා ගුණයෙන් උතුරා යන්නේ
අනුකම්පාවෙන් බර වන්නේ
කෝප සිතින් නෑ කැළැඹෙන්නේ
දයාබරයි හද එතුමන්ගෙ
පියකුට ඇති දරු සෙනෙහස වාගේ
අපටැ.ති දයාව සමිදුන්ගේ
අප සුල මුල එතුමෝ දන්නෝ
අප පස් රොන් බව සිහිකරනෝ