← Hymns මෙනෙහි කිරීමේ ගී

මගෙ රකවරණේ

පුන ගැයුම:

මගෙ රකවරණේ බල කොටුව මගේ
ඔබයි දෙවියනේ සදහට ඔබයි දෙවියනේ
මගෙ පිළිසරණේ ඔබයි සමිදුනේ
නොවේ නොවේ කිසිදු බියක් ඔඛෙ ලැගුම් පළේ

මහ උතුමන් රකවරණේ යටැ ගැවැසෙන්නේ
සබලවතාණන් ඇසුරෙ හෙවණ ලබන්නේ
සමිදාණන් අමතා ඔහු මෙසේ කියන්නේ
දීඔබ මැ කෙරෙ පතා සිටිම් මගේ දෙවියනේ

උගුල් අටව ඔබ නස්නට බැලුවත් සතුරා
ඔබ නිදහස් කැරැ ගන්නේ ඔබේ හිමි සදා
එතුමෝ තම පියාපතින් ඔබ වහගන්නෝ
එතුමන් අත්තටු යටැ ඔබ සඟවා ගන්නෝ