මගෙ ආදර හැම හැගුමම
මගෙ ආදර හැම හැගුමම මිණිකැට කරවා
හැඩ වැඩ කල රන් තැටියක් ඉන් ගෙන පුරවා
මහ මුහුදේ රැළි පතුලේ මුතු කැට ගරවා
ඔබ පුදනෙමු මේ හැම රන් කොතකට හරවා
අප සතු සැම දේ ඔබ සතු වේවා
ඔබ සතු සැම දේ අප සතු වේවා
ගැයුමෙන් එන බැති මතුවන ගී වැල් මාලා
වැයුමෙන් එන සිත රසවන ඉමිහිරි ලීලා
කවියෙන් එන සිත කකියන ආදර පාලා
ඔබ නමදිමු මේ හැම දේ බිළිකොට දීලා