← Hymns පිදීමේ ගී

අප සතු සැම දේ

අප සතු සැම දේ ඔබ වෙත ගෙන එමු
මේ යාගික මොහොතේ
මල් පළතුරු හා රන් මිණි මුතු හා
පුරවා අප දොහොතේ
මදුමය ගී හා සුන්දර දේ ලස්සන හිතකර දේ
ඈ ඒ හැම දේ ඔබ වෙත ගෙන එමු
තුති දී සුහද සිතේ

කොයි දේ පිදිණිද මගෙ සිත නොපිරෙ
නොවටී දුවිලි සේ
මිණි මුතු මැව් ඔබ ඉර හඳ මැව් ඔබ
මුළු මහ තරු පෙළ සේ
රිසි වෙමි මගෙ මුළු දිවිය පුරා
මගෙ ආදරය දරා
ඔබ ගැති වන්නට සියළුම මොහොතේ
ගැණ ගැණ පැය දවසේ