← Hymns පිදීමේ ගී

ඔබ සමගින් යාග වන්න

පුන ගැයුම:

ලෝකේ පව්නිසා දිවි පිදූ සමිදුනේ

ඔබ සමගින් යාග වන්න එන අප සැම බාර ගන්න
බාර ගනු මැනේ එන අප සැම බාර ගනු මැනේ

පූප සමග ඔබට පිදෙන දුබල අපගෙ ජීවිත සැම
බාර ගනු මැනේ ජීවිත සැම බාර ගනු මැනේ

මිදි රසයෙන් හඟවන අප ශ්‍රම ශක්තිය ඔබට පුදමු
බාර ගනු මැනේ ශ්‍රම ශක්තිය බාර ගනු මැනේ

මුළු දිවියම ඔබට පුදන මෙ අප පඩුරු සෑම දෙයම
බාර ගනු මැනේ සෑම දෙයම බාර ගනු මැනේ