← Hymns පිදීමේ ගී

අපගෙ පඩුර වේ

පුන ගැයුම:

අපගෙ පඩුර වේ මේ යාගයේ ඔබට පිදෙන
පඩුරු අපගෙ ජීවේ ලකුණ වේ

අදුරු ලොවට එළිය දෙන්නෙ සමිදු ඔබ ම වේ
ඔබ රැහැනේ රැඳී ඉන්න දෙන්නැ ආසිරි

කදුළු වලට සතුට දෙන්නෙ ඔබයි සමිදුනේ
ඔබ ඇසුරෙ දිවි ගෙවන්න දෙන්නැ ආසිරි

දුබල බවට සවිය දෙන්නෙ ඔබමය සමිඳේ
සබල බවින් දිවි ගෙවන්න දෙන්නැ ආසිරි