← Hymns ඇතුල්වීමේ ගී

බිංදු බිංදු සිරි වැහි පොද

පුන ගැයුම:

බිංදු බිංදු සිරි වැහි පොද - හිරු රැස් අතරින් හැලෙමින
දෙව් ආසිරි ගංගාවන් හා එක්වෙනවා
ගිරි කදුවැටි මුව සිපගෙන - මල් සුවඳක් එක්කර ගෙන
දෙව් ආසිරි සුළං රොදක් ඈත හමනවෝ
ඈත හමනවෝ

අලුත් ලොවක් සොයා - නව දිවියක් කරා //
ඔබ තබනා පියවර යට - දහසක් මල් පිපේවා
දහසක් මල් පිපේවා

දුකක් නොම වෙවා - සැපක්ම වේවා //
බාධක සැම ජය ගන්නට - දෙව් ආසිරි ලැබේවා
දෙව් ආසිරි ලැබේවා

ජයෙන් ජය වෙවා - සුවෙන් සුව වෙවා //
මංගල ආසිරි ලබමින - ඔබ සැම නිති සැරදෙවා
ඔබ සැම නිති සැරදෙවා