පිනිබිදු සැලෙනා
පිනිබිදු සැලෙනා හිරු රැස් දිලෙනා
නව දුනකට අප පා තබනා
රස ගී ගැයෙනා දෙවිදු පැසසෙනා
නව සිතුවිලි ගොමු කර හදිනා //
පුන ගැයුම:
ඔබහට පැසසුම් වේවා - අපහට දුන් නව දිනටා
ඔඛෙ නම ලෝ පැතිරෙ®වා - අප මුවගින් නිසි ලෙසිනා
වැසි පොද වැටෙනා මද නල හමනා
අප සිත් සතුටින් ඉපිල වෙනා
ගී හඩ නගනා දෙවිදු පැසසෙනා
නව සිතුවිලි ගොමු කර හදිනා //
ගස් වැල් සැලෙනා සුදුමල් වැලෙනා
මුළු පරිසරයම ඔප කරනා
පුදසුන සරසා සුවඳ මල් තබා
ගයමි ඔබට නව ගී මෙදිනා //