← Hymns ඇතුල්වීමේ ගී

අපව මවා සැමදා රකින

පුන ගැයුම:

අපව මවා සැමදා රකින
අවැසිය කොයිකත් ගෙනදෙන
අදර සමිදු දෙවි පියනම
බැතියෙන් නමදිමු අපි සැම
අපි ඔබ නමදිමු බැතියෙන
තුති දෙමු පසසා ඔඛෙ ගුණ

සිංහල කොඩි ගොබ්වැල් මැද
සේසත් හා මුතු කුඩ ගෙන
රට දෙස බස ගුණ වැයුමට
යමු හෙලයිනි දෙවි පුදනට //

පිපුනු සමන් මල් අරගෙන
පැසුනු ගොයම් මිටි බැඳ ගෙන
තාලයකට පා තබමින
එක්වී යමු දෙවි පුදනට //

කදු හා ගල් පර අත˙න
පැන පැන රිංගා ගලමින
ඇද හැලෙනා දිය දහරා
හා එක්වී යමු පුදනට //