← Hymns ඇතුල්වීමේ ගී

කොඩිවැල් නංවා

කොඩිවැල් නංවා - මල් දම් රන්දා - ඔබ මග සරසාලා
රන් දද බඳවා - රන් පටි ලෙලවා - මංගල සිරි මවලා

පුන ගැයුම:

පැතුම් ගොඩක් පිරිලා - යැදුම් ගොඩක් යැදලා //
සමිදු පුදන්නට දෙවිදු යදින්නට - පුදසුන වෙත ඇදිලා //

වීනා වයලා - රබන් ගසාලා - තුති බැති ගී ගයලා
නැටුම් නටාලා - ගැයුම් ගයාලා - මංගල සිරි මවලා

පහන් දල්වලා - හදුන් සුවඳලා - පුදසුන ඔප කරලා
මලින් සරසලා - පාවඩ එලලා - මංගල සිරි මවලා

සතුට ඇවිල්ලා - දුක පහවීලා - සිනහව මුව රැඳිලා
බේද දුරැරලා - එක්සත් වීලා - මංගල සිරි මවලා

දෙගුරුන් කැන්දා - සොයුරන් කැන්දා - එක පවුලක් වීලා
සැම දෙන කැන්දා - එකමුතු වීලා - මංගල සිරි මවලා