බාර ගන්නැ දෙවි පියාණනේ
පුන ගැයුම:
බාරගන්නැ දෙවි පියාණනේ
බාරගන්නැ දෙවි සුතාණනේ
බාරගන්නැ සුදතුන් සුරිඳේ
පබල තියෙක දෙවි සුරාණනේ
ඇරැගෙන යමු යමු පඩුරු අපේ
තබනට ඒ ජේසුගේ අතේ
පඩුරු මුවාවෙන් අප දෙන්නේ
අපව මැ, අපේ මැ ජීවිතනේ
ගැහේ ගැහේ හදවත් අපගේ
සමරන විටැ තතු පූජාවේ
ඒ නොවැ අපගේ විස්වාසේ
විස්මෙට කරුණුයි අභිරහසේ
ගතවූවෝ වමු කිතුන් බඳේ
සමරව් පුදුමේ කිතුනුවනේ
සමගි සමාදානේ හවුලේ
එකමුතුවයි පූජා සමගේ
ඔබ හට කැප වී තැළී පෙළී
පොඩි වී පූප බවට පෙරැළී
දිනපතා මැ පූජාසනයේ
ඔප්පු කරමු අප ජීවිතයේ