සමිදු වෙතට යා
පුන ගැයුම:
සමිදු වෙතට යා දෙවිදු වෙතට යා
බැතිය පුරන් පඩුරු අරන් දෙවි වඳිනට යා
සියල් ලොවම එළිය කෙරූ
නිමල දහම් සුව පැතුරූ
නැණ බලයෙන් සත සපිරූ
නිවන සෙවන සැමට පෙරූ
කදුළු පිරුණු නෙතු වියැලූ
වෙහෙසෙන පා සෙවන සැලූ
මුවින අමා බස් තෙපලූ
ලොව්තුරු අගයන් පෙරලූ
දෙවිදු මතය ලොව සපිරූ
පවිටු වහල් දනන් සෙවූ
කරුණා නෙත් ලොවට පෙවූ
නිවන සෙවන සතට මැවූ