← Hymns විවිධ ගීතිකා

පුංචි අපේ රජාණනී

පුන ගැයුම:

පුංචි අපේ රජාණනී
පුංචි අපේ පියාණනී
දොහොත් මුදුන් දී වඳිනෙමු
දොහොත් මුදුන් දී
දොහොත් මුදුන් දී වඳිනෙමු
දොහොත් මුදුන් දී

මෙලෝ අපට රටක් ඇතේ
එලෝ අපට රටක් ඇතේ //
එරට වෙතට පා නඟන්න
මඟ පෙන්වන පියාණනේ

යහපතට ම හිත යොදන්න
අයහපතින් මිදී ගන්න
කරුණාබර ඔබ හද වෙත
අපි ළංවෙමු පියාණනේ