දේව ප්‍රශංසා
දෙවියන් වහන්සේ / ආශිර්වාදිත වේවා
උන්වහන්සේගේ ශ්‍රී නාමය / ආශිර්වාදිත වේවා
සැබෑ වූ දෙවියන් වහන්සේ ද, සැබෑ වූ
මනුෂ්‍යයාද වන ජේසු කි්‍රස්තු ස්වාමි දරුවෝ /
ආශිර්වාදිත වේවා
ජේසු සවාමිදරුවන්ගේ ශ්‍රී නාමය /
ආශිර්වාදිතවේවා
උන්වහන්සේගේ ශ්‍රී හෘදය / ආශිර්වාදිත වේවා
පූජාසනයේ දේව ප්‍රසාද නිධානයෙහි
ජේසු ස්වාමි දරුවෝ / ආශිර්වාදිත වේවා
උන්වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරය /
ආශිර්වාදිත වේවා
සැනසිලි දායකයාණන් වන ශුද්ධාත්මයාණන්
වහන්සේ/ ආශිර්වාදිත වේවා
උත්තම දේව මාතාවන් වන අති ශුද්ධවූ
මරිය වහන්සේ / ආශිර්වාදිත වේවා
උන්වහන්සේගේ නිර්මල පිළිසිඳීම /
ආශිර්වාදිත වේවා
උන්වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපණය/
ආශිර්වාදිත වේවා
කන්‍ය මාතාවන්ගේ මරිය යන ශ්‍රී නාමය/
ආශිර්වාදිත වේවා
උන්වහන්සේගේ වෘතශුද්ධවත් පති වූ
ශුද්ධ වූ ජුසේ තුමා / ආශිර්වාදිත වේවා
දෙවියන් වහන්සේ තමන් දූතයන් හා
ශුද්ධවන්තයන් කෙරෙහී / ආශිර්වාදිත වේවා