පැමිණෙත්වා
පැමිණෙත්වා - පැමිණෙත්වා
දෙවියන් වහන්සෙගේ
සුද්දවන්ත වරුනේ
මොවුන්ගෙ සහයට පැමිණෙත්වා
එනු එනු හා - ලහි ලහියේ
සමිදරුවාණන්ගේ
දේවදූතවරුනේ
මොහු හමුවීමට එනු ලහියේ
යනු යනු ඇරැගෙනැ ආත්මෙ මොහුගේ
තබනට මහ උතුමන් හමුවේ
මොවුන් කැඳවූ සේ කි්‍රස්තු තුමාණෝ
බාර ගනිත්වා මොවුනෙ.තුමෝ
දේවදූතවරු මොහු ගෙනැයත්වා
ආබ්‍රහමුන්ගේ තුරුල්ලටා
මොවුනට දෙනු මැන සමිදරුවාණෝ
සදාකාල සැතපීම සගෙ