← Hymns විවිධ ගීතිකා

දෙව් දූ වරු

දෙව් දූ වරු ඔබ ගෙනැ යත්වා
පරාදිසේ සුගතියටා
ඔබ හමු වී පිළිගනු සඳහා
පණ පිදුවෝ පැමිණෙත්වා

යෙරුසාලිමෙ සුර පුරෙ කරා
ඔබ කැඳැවා ගෙනැ යත්වා
ඔබ පිළිගන්නට පැමිණෙත්වා
දෙව් දූවෝ මහ සේනා

දිළිදුකමේ දහ දුක වින්දේ
ලාසරුවන් හා සමසේ
සදාකාල සෙත සන්හිදුමේ
ඔබ හට ඒ අත්වේවා