දැල් පුරවා
හෝ හො හො හෝ හෝ හෝ හෝ
දැල් පුරවා ඔරු පුරවා //
මාලු ගොඩට ඇදෙනා කාලේ
පුන ගැයුම:
සමිඳේ ඔබගේ මහිමේ කියැවේ
ලොව මවා රකින අප පිය දෙවි සමිදුට //
නිති තුති වේ ජය ජය වේ //
දෙල් ගහේ කොස් ගහේ //
ගෙඩි පිරිලා හිනැහෙන කාලේ
පුන ගැයුම:
සමිඳේ ඔබගේ මහිමේ කියැවේ
හෝ හො හො හෝ හෝ හෝ හෝ හෝ
හේන පුරා කුඹුර සරා //
කවි සීපද ඇසෙනා කාලේ
මහවැලි ගඟ ගලා //
හාලෙන් රට සරුවන කාලේ
නිසි කලටා වැසි ලැබිලා //
ගොඩ මඩ දෙක සරුවන කාලෙ