← Hymns විවිධ ගීතිකා

කැමති ලෙසින්

කැමති ලෙසින් අඹනු මැනවි මා
දිව්‍ය කලාකරුවාණෙනි
මැටි පිඩක්ය මා ඔබේ අතේ
ඔබ කැමති හැඩක් රුවක් අඹන්න සමිඳේ

මම නොදනිමි ඔබේ සිතේ තිඛෙන මගෙ හැඩේ
මට නොහැඟේ උතුම.භිමත සැලසුම් ඔබගේ
මගේම යයි මෙතෙක් දුටුව මාවත අදුරෙ
මහා කලාකරුවාණෙනි දැන් එය වැටහේ

මටම දිනෙක සතුටු වන්න පිළිවන් වන්නේ
ඔබේ අතින් මා හැදුනොත් ලද දුක් අතරෙ
මිනිස් දුබල කම නිසාම වේදනා දැනේ
නමුත් සමිෙඳ අඹන්න මා ඔබ කැමති ලෙසෙ