← Hymns විවිධ ගීතිකා

කුඩා අපව

පුන ගැයුම:

කුඩා අපව තුරුළු කරන්
ආදර පෑ ජේසූ
බලන්න ආවා අපි සැම
පුදන්න ආවා

මිතුරු අපේ ජේසු තුමන්
හා පිය දෙවිදුන්
වඳින්න ආ අප හැම දෙන
දෙවියෝ රැක දෙත්වා //

අප ආදර දෙමාපියන්
සොයුරු සොයුරියන්
කරුණාබර හිත මිතුරන්
දෙවියෝ රැක දෙත්වා //

අප ගම රට සැම වැසියන්
දුප්පත් අසරණයන්
වැරදි වලට සමා වෙමින්
දෙවියෝ රැක දෙත්වා //