← Hymns දේව මෑණියන්ට ගී

පාතිමාවේ මෑණි

පුන ගැයුම:

පාතිමාවේ මෑණි //
අප කුමා රි
දේව දා රි
කන්නි නා රි
මව් මරි

හිරු පබා පා ඔබ නමා
තේජ මාතා පාතිමා
රෝස වස්වා - ආස දිස්වා
හිරු පබා පා ඔබ නමා

යදින සේ කී පා සමා
ලෝක මාතා පාතිමා
රෝස වස්වා - ආස දිස්වා
දෙන්නැ ඉල්ලා පා සමා

රෝස මාලාවේ අමා
යදිමු පා මා පාතිමා
රෝස වස්වා - ආස දිස්වා
රෝස මල් මාලා දමා

ඔබ හදේ මාතා අමා
අප කෙරෙ පා පාතිමා
රෝස වස්වා - ආස දිස්වා
අප රකිත්වා පාතිමා