දෙවිදු වචනයට
දෙවිදු වචනයට අවනත වී
ළදුන් අතර මිණි පහනක් වී
ජේසුගෙ මව වූ අම්මේ
අපිත් ඔබේ දරුවෝ
පුන ගැයුම:
අම්මේ ආදර අම්මේ
අපිත් ඔබේ දරුවෝ
ආදරයෙන් රන් කිරි පොවලා
මවකගෙ යුතුකම් ඉටු කරලා
ජේසු හදා ගත් අම්මේ
අපිත් ඔබේ දරුවෝ
සුව සැප නොතකා වෙහෙස දරා
නිදි නොලබා සිය දෙනෙත පුරා
ජේසුව දැඩි කළ අම්මේ
අපිත් ඔබේ දරුවෝ
කුරුස ගසේදී ඔබ අමතා
ජේසු තුමා කී වචන අසා
අපව බාර ගත් අම්මේ
අපිත් ඔබේ දරුවෝ