← Hymns දේව මෑණියන්ට ගී

ගීත ගයමින්

පුන ගැයුම:

ගීත ගයමින් ගුණ වනමින්
මගෙ හද සමිදුන් පසසන්නේ

මගෙ හද සමිදුට තුති දෙන්නේ
සමිදුගෙ ගැලවුම ලැබ ගන්නේ
එතුමන් බැහැපත් දාසිය බලලා
මුදිතා කරුණා දයා කළා

අද සිට සැම තැන සෑම දෙනා
මා පින්වන්තියි කියයි ගයා
සව් බල දෙවිඳෝ ඔද තෙද සුදිලේ
එතුමෝ නාමේ සුවි සුදු වේ

එතුමන් ජනතා සෑම පුරෙ
සැම තැන කීවෝ දේව ගුණේ
උඩගුව සිතැතන් පහතට හෙලලා
එතුමන් සුරතේ තෙද පෑවා