නෙළුම් පිපීලා
පුන ගැයුම:
නෙළුම් පිපීලා පෙති විසිරිලා
ජලය සුවඳ වෙන්නා
මමත් මලක් නම් පිපී සුවඳ දී
ඔබ ලඟ පරවෙන්නා //
කාන්ති කුමරියෙනී
නාද මිහිරියෙනී
සාන්ත සුසිලියෙනී
දේව දියනියෙනී
සීල සිතුමිණෙනී
රූප සිරිනියෙනී
දම්ම කිරුලෙහි දිසි දිසි බබලන
රමණිය සිළුමිණෙනී
කනය සිරිලියෙනී
පුනය පිරි ලියෙනී
රම්ය ඉසි ලියෙනී
අන්ය සම ලියෙනී
සාම රැජිණියෙනී
දේව මෑණියනී
සෑම සුවදැති මල් වනයෙහි පිපි
ලක්සන කුසුමියෙනී
සෑම සිරි සිලියේ
සෝම සුකොමලීයේ
මාල මංගලියේ
ගීත අන්ජලියේ
පාද සඳ දිලියේ
දේව රන් දොලියේ
නීල අඹරෙහි තරු පරදන සරු
සිරු.රැති සිරි මලියේ