← Hymns මෙනෙහි කිරීමේ ගී

ප්‍රේමය වේ උතුම්

පුන ගැයුම:

ප්‍රේමය වේ උතුම්
සහෝදර ප්‍රේමය වේ උතුම් //

ප්‍රඥාා ශක්තිය දහම් දෙසුමෙ බල
තිබුණද නැත පල ප්‍රේමය නැති කල

අන්‍ය භාෂා හා දිවැස් වැකිය වුව
සුවයෙ දීමනා තිබුණද අයිතිව

මහමෙර සොලවන විශ්වාසය හා
බලාපොරොත්තුව තිබුණද තිර ලෙස

පූජා කෙරුවද මා සතු සැම දේ
එහි ඇති කිම පල ප්‍රේමය නැති කල

ඉවැසිල්ලෙන් කරුණාවෙන් පූරණ වූ
සියලුම යහපත් ගුණෙන් අනූන වූ