දේව වදන
දේව වදන කුරිරු දැහැමි සව් සත හට
නව එළියක් උදාකරනවා
කුරිරු දිවිය අදුරින් බර අතීතයට
නව දහමින් වැළලී යනවා
පැසසුම් වේවා..........
පුන ගැයුම:
කිතුනු දිවිය කිතුනු සසුන
කිතු දනහට නිදසුන් වේවා
දේව වදන ජේසුතුමන්
අනුයන්නට දිරියක් වේවා
ආලේලූයියා
යට ගිය දින අතපසු වූ නොම සිදුවූ
දේ ගැන නැත පසුබට වන්නේ
නව දහමක් සතහට දෙසු දැහැමි ගුණැති
කිතු තුමනට තුති පසසන්නේ
පැසසුම් වේවා