← Hymns මෙනෙහි කිරීමේ ගී

විළියට පත්වනු

විළියට පත් වනු නොදී කෙදා
ගලවනු මා, ඔබ දැහැමි නිසා
රැකුම සොයා ඔබ ළඟට වහා
දීවැ එමි මම් හිමි පා

ඔබේ සවන් මා දෙසට නමා
වඩිනු වඩිනු ලහියේ
මා මිදුමට සමිඳේ
වනු ඔබ මට සළ රකවරණේ
මට ඔබ ගැලවීමේ
බලකොටුවද වන්නේ

සමිදුනි ඔබගේ නම සඳහා
දක්වනු මට මඟ පා
අසු කැරැ ගන්නට මා
අතුළෝ දැලකුත් සඟව තබා
එයිනොබ මා බේරූ
මගෙ රකවරණේ වූ

අතට ඔබේ පණ හුස්ම මගේ
බාර කරමි සමිඳේ
ගලවනු මා දෙවිඳේ
තුසිමි නොහමි ඔඛෙ මෙත සමරා
විපතෙ දී මා නහමා
ඔබ මට පිහිට වුණා