පරලෝකේ මන්නාවෙනී
පුන ගැයුම :
පරලෝකේ මන්නාවෙනී, ජීවිතදායකයෙනී
අනන්ත වූ ප්‍රේමයෙනී, වඩිනු මාගේ ජේසුනී
තොපවෙත ප්‍රේමවෙමී, මෙලොවට වැඩියෙමී
සියල්ලන්ගේ පාප බැමී, මුදාලන්ට කැමැත්තෙමී
ප්‍රේමණිය දරුවෙනී, වෙහෙස වූ සියල්ලෙනී
මා ළඟට රැස්වෙමිනී, නිදොස් වෙව් සතුටිනී
පාප දෝසෙන් මරණය , සිදු වන්නේ සන්තකය
ශ්‍රී පූපයෙන් ජීවිතය, ලබා ගන්නේ දෝසෙන් අය
ජේසු හට තුති වේවා, සමස්තයෝ ප්‍රේම වෙත්වා
ගැලවීමේ ජය දෙවා, සෑම කල්හී ජීවත් වේවා