← Hymns සත්ප්රසාද ගී

දිව්‍ය ජේසු මේ තමා


පුන ගැයුම :
දිව්‍ය ජේසු මේ තමා, වන්දනා කරව් සැමා
ලෝක පාප මේ තුමා, සේදුවේ පෙමා

දිව්‍ය ලෝකයෙන් බැසා, පාපිවුන් නිසා
දිව්‍ය ප්‍රේමයෙන් තොසා, පීටිකේ වසා

මා වෙතේහි ප්‍රේමෙනා, දැල්වෙනා ලෙනා
රෑ දිවා නිවාසෙනා, ප්‍රේම වේගෙනා

අයියෝ මාගෙ ජේසුනේ, මා නිසා අනේ
ඉන්නෙ ඇයිද සව් දිනේ, පාපි මා ගැනේ

දේව දූතයන් සරා, මෝක්ෂයේ පුරා
ඇත්තේ නැද්ද ශ්‍රී සරා, මන්ද මා සරා

ජීවමාන ප්‍රේමෙනි, මා හදේ දැනී
නැත්තෙ මන්ද ඒ මෙනි, ප්‍රේම ජ්වාලෙනී

මාගෙ බෝජනේ වුනේ, මන්ද ජේසුනේ
ප්‍රේම වේගයෙන් වුනේ, මා වෙතේ අනේ