← Hymns සත්ප්රසාද ගී

ජේසුනී නිහඩවී

 

පුන ගැයුම:
ජේසුනී නිහඩවී මෙදොසෙ පුදසුනේ
හා මවෙතැ පෙම් බැඳී ගෙවති දිවිනිවී

පූ ගුණේ මුවාවැලා වසන ජේසුනේ
ඔබේ දෙවන් බව අදහා එකත් බැතින් මා
බිමට පහත් වී මුළුමනින් මගේ
හිතද කයද දිවි පෙවෙතද පුදමි වැඳ වැටී

පෙනුම පහස රසය පූපෙ කළ ද මා මුළා
මගේ සවන ඔබේ බහේ සුවසෙ පිහිටුවා
ඇත්තෙ දෙවි මැවූ දෙවි පුතුන් දෙසූ
වදන් සැවොම අදහ ගනිමි සැදෑ සිත්නමා

එදා කුරුසෙ මුවා වුණේ දෙවි බව මතුනේ
මෙදා පූපෙ මිනිස් බවද එක සෙ සැඟ වූ නේ
දෙව් මිනිස් සොබා එක සිතින.ද හා
පවස යදිමි තැවුණු සොරා පැතුව දීමනා