← Hymns බොදුන් ගී

පණතක් මම

පුන ගැයුම:

පණතක් මම ඔබට දෙමී
පෙම් දක්වනු සැමට නිතින්
මා කලසේ නිති දිනයේ
පණ පුදමින් කුරුස ගසේ

දයාව වන්නේ ඉවසීමයි
සැම හට දක්වන ආදරයයි
හදවත් පිබිදෙන කරුණාවයි
ගුණවත් ගතියේ ජීවිතයයි

දයාව ඇති තැන උඩගු නොවේ
සිතුදේ කළදෙහි උදම් නොවෙයි
නොහොබින සැමගති ඉවත දමයි
ඉසිකෝ දුරගුණ සිඳ බිඳ ලයි

දයාව සැමහට කමා කරයි
නිසිදේ කෙරෙහී සතුට වඩයි
තම තම ලාබය සොයා නොයයි
සාමය සැමවිට ලඟා කරයි

දයාව වන්නේ ඇදහීමයි
ආසිරි වඩවන මතු දැක්මයි
වරදක් නොදකින තුටු බැල්මයි
හොඳ හිත නොබිෙඳන සුබ වදනයි