← Hymns බොදුන් ගී

කිතු දෙටු සොහොයුරු

පුන ගැයුම:

කිතු දෙටු සොහොයුරු පෙරටුව යන්නේ
කුරුසිය ගෙන අපි අනු යමිනේ
මුසු කර අප ඩහදිය සිරි ලෙයටා
වෙහෙසෙමු එක දරු කැල ලෙසටා

බර උසුලන වෙහෙසෙන සත හදටා
සැනසුම සිසිලස දෙන ලෙසටා
වදනින් සේවෙන් මේ බව පෙන්නා
දෙනුවට දෙවි පුතු ජනිත වුනා

මව් මරි හට හා සුරැකි පියන්ටා
නිවසෙහි නිරතුරු සහය වුනා
අව් වැසි නොතකා සැරි සරමින්නේ
කුරුසිය තෙක් දහඩිය වගුලේ

කිතු තුම සමගින අපි මෙහෙ කරමූ
රට දැය වෙනුවෙන් වෙහෙස වෙමූ
ලොව ගලවන්නට ඩහදිය හෙලමූ
දෙවි පෙම ඉවසුම ගරු කරමූ