අප ගැනැ මඳකුත් නොතකා
පුන ගැයුම:
අප ගැනැ මඳකුත් නොතකා
කැපවී ඔබ සඳහා
ගෙවනට අප දිවි සමිඳේ
අප සිත් පහදන්නේ
අප හට ඔබ සමිඳේ නෑ මැනැලා දුන්නේ
ගැනැ ගැනැ නෑ දෙන්නේ සේවය ඔබට අපේ
තුවාල ගැන නොසිතා අප දිවි පවා පුදා
සේවයෙ යෙදෙමු නොබා කුරුසේ හෙවණ ලබා
නිවාඩුවක් නොසොයා සැප පහසුව දුරැලා
අප මුළු දිරිද යොදා කරමුව වැඩ ප ඛෙදා
මහන්සියක් නොබලා පිළි ලබයක් නොපතා
කොතෙකුත් වැඩ කැරැලා හෙම්බත් උණත් හොදා
ඔබගේ ආසාවේ හැටියට අප සේවේ
කළ බව දැනුනොත් ඒ ඇති අප සිත් සැනහේ
ඔබ මගෙ අත අල්ලා ගෙනැ යනු මට මඟ පා
ඔබගේ සුරතෙ බලේ දෙනු අප හට සමිෙඳ