← Hymns බොදුන් ගී

දෙවියෝ වෙති සුල මුල ප්‍රේමේ

පුන ගැයුම:

දෙවියෝ වෙති සුල මුල ප්‍රේමේ
සුල මුල ප්‍රේමයෙ වෙති දෙවියෝ
ගැවැසෙන්නෝ කවුරුද ප්‍රේමේ
ඔවුන් කෙරෙ දෙවියෝ
නිවහන් ගත වන්නෝ

ඉවසන සුලු වේ කොතෙකුත් ප්‍රේමේ
ප්‍රේමය උල්පත කරුණාවේ
ඉරිසියාව එහි නෑ ඇවිලෙන්නේ //
තමාව නෑ පාරට්ටු කරන්නේ

උඩගුව හෙම නෑ එහි ලියලන්නේ
හිතූ මනාපෙට නොමැ හැසිරෙ
තම කම මුලින් මැ උපුටාලන්නේ //
ඇවිස්සෙන්නෙ නෑ කෝපෙන් ප්‍රේමේ

නපුරු කමක් නෑ හිතෙ පැහැවන්නේ
අනුන් වරද ගැනැ සතුටු නොවේ
හරි කොයි දේටත් සතුට වඩන්නේ //
සියල්ල සතුටින් උහුලා ගන්නේ

ඇදැහිලිමත් සිත නොසිඳේ නොසිඳේ
බලාපොරොත්තුව නොබිෙඳන්නේ
ඉවසීමට හෝ කෙළවරක් නැතේ //
ප්‍රේමය කිසිදා නෑ වියැකෙන්නේ

ඇති වූවත් වර දිවැස් දෙසීමේ
ගැඹුරු රහස් සපුරා දැනුමේ
තම සිරුර දවා කෙරුවත් පූජා //
ඒ මොන පලකට ප්‍රේමය සුන්දා