අල්ප වුනට කරන සේවෙ
පුන ගැයුම:
අල්ප වුනට කරන සේවෙ
සුළු වුවත් මට කළේ
කුසිගිනින් පෙලුණෙමී අහර බොදුන් ඔබ දුනී
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
පිපාසයෙන් තැවුණෙමී පැණින් විතක් ඔබ දුනී
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
ගෙයක් නැතිව ලතවුනේ ඔබයි සෙවන සැපයුවේ
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
අඳිනු නොලැබ සැඟවුනී වතින් කඩක් ඔබ දුනී
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
වෙහෙස දැනෙයි මහත් සේ සුවක් දෙනුව වෙර දැරි
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
දුකින් පෙලෙමි සැම දිනේ සහන වන්නෙ ඔබ බැවින්
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
නූගතැයි හෙලා දකිත් අවැසි නුවණ ලැබ දුනී
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
තනිව ලතව සිටියෙමී ඔබ වි මිතුර ලැදි බවේ
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
ලෙඩින් දුකින් පසුවෙමී සහය වන්නෙ ඔබ බැවින්
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්
රැකෙන මගක් නැති වුනී එයට සෙතක් ලැබ දුනී
එන්න මගේ පියාණගේ නිවස තුළට දැන්