← Hymns බොදුන් ගී

දක්වත ඔබ

පුන ගැයුම:

දක්වත ඔබ මගෙ ඉතා
කුඩා බෑයකුට දයා
ඒ කරන්නෙ මට තමා //

සිටියෙමි මම හාමතේ ඔබ මා කැව්වේ
සිටියෙමි මම පිපාසේ ඔබ මා පෙව්වේ
ඇතුළුවන්නැ දැන් මගේ පියාගෙ රජයට සගේ

සිටියෙමි මම නිරුවතේ ඔබ ම පෙරෙව්වේ
සිටියෙමි මම ලෙඩ ඇඳේ මටො.බ සැලකුවේ
ඇතුළු වන්නැ දැන් මගේ පියාගෙ රජයට සගේ

සිටියෙමි මම මහලු වී ඔබ මා සැලකූ
සිටියෙමි සොවඟින් තැවී ඔබ මා සැනසූ
ඇතුළුවන්නැ දැන් මගේ පියාගෙ රජයට සගේ

සිරගෙයි මම සිටියෙමී ඔබ මා බැලුවේ
තනිවී මම සිටියෙමී ලැබුනි සැනසිලී
ඇතුළුවන්නැ දැන් මගේ පියාගෙ රජයට සගෙ