← Hymns බොදුන් ගී

දයා ප්‍රේමය ඇති තැන

දයා ප්‍රේමය ඇති තැන
දෙවියෝ වැඩ වසනු ඇත

කි්‍රස්තුස් තුමන්ගෙ ප්‍රේමයෙන් අපි හැම දෙන එක්වෙමූ
එතුමන් තුළ පී්‍රතියෙන් සතුටු වෙන්නෙමු
ජීවමාන දෙවිතුමනට හද බැති පෙම් දක්වමූ
අවංකවූ හෘදයෙන් එකිනෙකාට ප්‍රේම කරමු

අපි කිසියම් තැනකට එක් රැස් වී සිටිමු ද
එක්සිත් වී සිටිනට ප්‍රවේසම් වෙමූ
සණ්ඩු දබර නඩු හබ නොව සාමයෙන් ජීවත් වෙමූ
කිතු සමිදාණන් නිතින් අප වෙතටම කැඳවා ගනිමු

මොක් වැසියන් සමගින ඔබ තේජස දකිනට
කිතු සමිදුනි අප හට වරය ලැබේවා
තවද කිසිදා අඩුවක් නැති සදා සැපත අප ලැබ
සතත කල්හි සගසැප මොක් පුරයේ අපි විඳිමුව