ජීවන දායක පූපය මේ
ජීවන දායක පූපය මේ
ජේසුගෙ සිරි සිරුරම එය වේ
සමිදුනි ඔබ දෙන තිළිණ නිසා
ඔබහට නිරතුරු තුති වේවා
මම සැම විට සමිදුන්ට ප්‍රශංසා කරමී
නිරතුරු මෙම ප්‍රශංසාව මා මුවෙන් රැව්දේ
මාගේ ආත්මය සමිදාණන් තුළ උදම් අනන්නේය
දුකින් පෙළෙන්නෝ මෙය අසා පී්‍රති වන්නෝය
මා සමග සමිදාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න
අපි සැවොම උන්වහන්සේගේ නාමය මහ හඬින් පසසමු
ස්වාමින් වහන්සේ කොපමණ මධුරදැයි රසවිඳ බලන්න
උන්වහන්සේ තුළ රැකවරණය සොයන්නා පී්‍රතියෙන් පසුවේ
ඔබේ දිව නපුරෙන් රැක ගන්න
ඔබේ තොල් අසත්‍යවූ දෙයින් රැක ගන්න
අයහපතින් ඈත්වී යහපතෙහිම යෙදෙන්න
සාමය සොයා එය අනුව යන්න