← Hymns බොදුන් ගී

දුවන ලෙසට පවසෙ පෙළි පෙළී

දුවන ලෙසට පවසෙ පෙළි පෙළී
මුව දෙන උල් දියට සුසුම් ලා
හැපෙයි මගේ දෙවියනේ
මගෙ අත් බව ඔබමැ සොය සොයා //

පුන ගැයුම:

වතට වත දිදි දකිම් මම කෙදා
දෙවිදු මගේ සුරිදු මගේ එකමැ හිමි සදා

මගෙ පණ වන ඔබට දෙවියනේ
මන දොළ මගෙ සයින් තැවෙන්නේ
ලැඛෙනු ඇති දැ මට කෙදා
දැකැ ගන්නට මුහුණ දෙවි සදා //

උදේ හවහෙ මගේ අහර නේ
ගලන කදුළු මගේ ඇස් දෙකේ
දෙවියො කොහෙදැ දැන් තගේ
ඇනුම් බැණුම් ඇසේ ඇමැ දිනේ //

කොහොම ගියෙම් සෙනඟ සමගෙ.දා
බලා මැදුර දෙවිදු වඳිනටා
සිහිවත වත එහෙව් දා
හද මගෙ යෙයි දැනුත් උතුරලා //

පසස ගැයුම් තුති ගී මැද්දේ
ජය මංගල උදන් නෙ සිරියේ
එදා ගෙවුණෙ කොහොමැදෝ
සිහි වන විට තවමැ හද තැවේ //

ඇයිදැ තවමැ ආත්මයෙණි මේ
දුකට පත්වැ ඉන්නේ වැලැපී
නොසන්හිඳී තැවෙන්නේ
පතා හිදුව දෙවියන් සරණේ //