← Hymns ඇතුල්වීමේ ගී

නිල් ගුවනේ

නිල් ගුවනේ පාවෙන සුදු වළාකුලේ
තුරු වදුලේ ගී ගයනා කුරුල්ලනේ
පුදසුන වෙත යන මේ මොහොතේ
අප හා ඔබ හැම එක්වන්න

පෙති විහිදි හිනැහෙන මල් කුමරියනේ
රංචු ගැසී ඉගිලෙන රන් සමනලුනේ
මැදුර තුළට යන - මේ මොහොතේ
අප හා ඔබ හැම එක්වන්න

ගලා හැලෙන දිය ඇලි රූ රැජියනේ
දෙවිදු මැවූ පණ ඇති නැති
දෙවි හමුවට යන මේ මොහොතේ
අප හා ඔබ හැම එක්වන්න