← Hymns ඇතුල්වීමේ ගී

අරුණලු නැගෙන වෙලාවේ

අරුණලු නැගෙන වෙලාවේ
පිනි පොද වැටෙන උදානේ
පිබිදි සතුටක් මවෙන ඇදී එයි //

සමිදුනි ඒ ඔබ මවෙත ළඟාවන
මොහොතද කියනු මැනේ //

මල් රොන් හැලෙන වෙලාවේ මඳ නල මුදුව හමා ඒ
නවමු සුවඳක් මවෙත ඇදී එයි

සමිදුනි ඒ ඔබ ම වෙත ළඟාවන
මොහොතද කියනු මැනේ //

ඩා බිදුනැගෙන වෙලාවේ
වීරිය කයට මුවා වේ //
නොමියෙන සවියක් ම තුළ නැගී එයි

සමිදුනි ඒ ඔබ ම වෙත ළඟාවන
මොහොතද කියනු මැනේ //

මළ හිරු බසින වෙලාවේ
රත් පැහැ අහසෙ ඇදී ඒ //
දැඩි වූ වෙහෙසක් හදට ගලා එයි

සමිදුනි ඒ ඔබ ම වෙත ළඟාවන
මොහොතද කියනු මැනේ //