← Hymns මෙනෙහි කිරීමේ ගී

දේව වචනයට

දේව වචනයට සවන් දුනිමු අපි
එමඟින් අපහට, නව ජීවනයක්
සැලසෙනවා //

එම වදනින් අපි ජීවිත හරි මඟ
ගෙන යන්නට අද සමිදුන් පාමුල
කැපවෙනවා //

දේව වචනයේ රසය උරාගෙන
ඒ රසයෙන් අපි, සවිය ලබා ගෙන
පිබිදෙනවා //

සුදතුන් ආසිරි වරම් දිනා ගෙන
එතුමන් වරමින් නුවණ ලබා ගෙන
පැහැදෙනවා