← Hymns මෙනෙහි කිරීමේ ගී

මා සඳහා දිවි පිදුවේ

පුන ගැයුම:

මා සඳහා දිවි පිදුවේ
මරණෙන් හෝ උත්ථාන වුණේ
ඔබ ඇරැ වෙන කවුදෝ කවුදෝ
ජේසු මගේ කිතු සමිඳේ

වින විපතට හෝ වේවා
දුක් වෙයිනට හෝ වේවා
කිතු සමිදුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා

පීඩාවට හෝ වේවා
සාගින්නට හෝ වේවා
කිතු සමිදුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකි දැ වෙන් කරනට මා

දුගී දුකට හෝ වේවා
කඩු පහරට හෝ වේවා
කිතු සමිදුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකිදැ වෙන් කරනට මා

මරුවා හට හෝ වේවා
මොන බලවතාට වේවා
කිතු සමිදුන්ගේ ප්‍රේමෙන් හා
කාට හැකිදැ වෙන් කරනට මා

සෙනෙහස දෙවිදුන් අප වෙත පෑ
ජේසු තුමන් ගේ මුව මඩලේ
දිස්වන රඟ සියැසින් මැ බලා
කරමු අපේ ජීවිත පුජා