← Hymns මෙනෙහි කිරීමේ ගී

අපගේ ජීවිත රහසයි

පුන ගැයුම:

අපගේ ජීවිත රහසයි
අපගේ ජීවිත අරුතයි
පෙන්වා දෙනු මැන කිතු සමිඳේ
අප දිවි ගමනට එලිය ඔබයි

ඔබගේ කැපවුණු ජීවිතයේ
මඟ අප ගත යුතු වේ
අප දි ඔබගේ ජීවිතයේ
සලකුණ විය යුතුවේ

හරි මඟැ යාමට දිවි ගමනේ
එඩිතර විය යුතුවේ
මිනිස් වගේ සුව පිණිසැ අපේ
සිත් යොමු කළ යුතු වේ

අගනා මානව ජීවිතයේ
නිසි පල ගත යුතුවේ
ජනතා සේවය පිණිසැ අපේ
දිවි කැප කළ යුතුවේ